Sep 26, 2011

ප්‍රාථමික ගුරුතුමිය...










වැලි පුවරුව
පාටකූර
උල කැඩුණු පැන්සල
සොටු බේරුණු නුඹෙ මුහුණ
අද නුඹට අමතක වුවත්..,

ජංගියේ චූ ගියත්
බඩ රිදුණු හැම විටත්
කදුළු පිරුණු ඔය නෙතු ලඟ
ලඟ හිටියේ මම නොවේද..?
අද නුඹට අමතක වුවත්..,

දැලි රවුල වැඩි එද්දී
ලැම ඉස්සී හැඩ වෙද්දී
OL,AL ජය ගද්දී
අයි,නුඹට අමතකද..?
සල් ගස,සල් මල
හෝඩීයේ පාඩම් පෙළ.......

No comments: