Jul 22, 2012

මේ සබරය ........













මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//

ගොඩ නොගලන සබරේ මුහුද තවම තියෙනවා
තනි ගස් පෙළ අප නැතුවත් තව දළුළනවා
ඒ කාලේ දැමු හිල්මන් යලි සිහිවෙනවා
ගත් ආතල් මදි කියලා දුකත් හිතෙනවා

මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//

ඔබ අත ගෙන ගිය සයිබෙ මැවිලා පේනවා
මැට්ට වටේ පැකල්ටි ටික තවම හැදෙනවා
අයිස් වලේ දැකපු වීදි යලි සිහිවෙනවා
මේ සබරය දාලා යන්න බැහැයි හිතෙනවා

මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//


                   ( සබරේ අපි)

No comments: