Jul 23, 2019

6 - හය...



හිමිව සිටි 
අවුරුදු 
හය ට 
වඩා
දැනේනවා මට
අහිමිව ගිය
මාස 
හය...

Jul 19, 2019

විකිනෙන හීන...

හීන
මල්ලක්
පුරෝගෙන..
අදත්
මම
ලොතැරැය්යක්
මිලදී
ගත්තා..


Jul 17, 2019

FINAL ANSWER...

හීන බර වැඩියි
වෙහෙසයි 
මහන්සියි
මට.. 

Jul 16, 2019

පිළියම..

                                                                                    අම්මා කියනවා මට..

ඔබට දැන් අපලයි ලූ..
සිත් රිදුම් බොහොමයි ලූ..
කරදරත් එමටයි ලූ..
නව ග්‍රහයෝ නීචයි ලූ..
පූජාවක් තියමූ ලූ..
යන්ත්‍රයක් දාමූ ලූ..
හෙට දවස හරියයි ලූ..

හිත කියනවා මට..
නුබ නැතිව පාලුයි ලූ..

Jul 13, 2019

රිදුනු තැන් ජීවිතයේ බෝමා..


රිදුනු තැන් ජීවිතයේ බෝමා..
කදුළුු බිදුවක දෙපැත්තක් ඔබ මා...
සීතලෙන් ගැහෙනා...
ඒ කදුළුු බිදුවට නමක් තියමුද
ආදරේ කියලා...

ගායනය :අනුස්කා මදුශානී.https://www.youtube.com/watch?v=ixrklHheWg0