Aug 20, 2013

නුඹ හින්දා....












දැනෙනවා මට
මගේ හිත තුටින් බව
දැනෙනවා මට
මම හුස්ම ගන්නා බව
දැනෙනවා මට
මම ජිවත් වන බව...

May 14, 2013

7 හමාරයි...









ලොකු පිඟානක
රතු කැකුළු
පරිප්පු
පපඩම්...
මොනවද තිබුනේ.. ?
හරි පුදුමයි...
දන්නේම නෑ...
ඉවර වෙලා...
එක තමයි
හලෝ....
හෙට කතාව
මොකක් වෙයිද..?

May 9, 2013

ඔය දෑස් හින්දා....








සුසුමකට කතා  
කල හැකි නම්
නෙතු අඟට  
සිත්තම් කල හැකි නම්
සිත තුලට 
පිටපත් කල හැකි නම්
කියයි නුඹ නැතිව   
දුක් විදිනා තරම්......

Feb 20, 2013

ලාභයි ලාභයි.....










O/L කොල්ලෝ කෙල්ලෝ
අරුත නොඳත් ආදරයක
මිල හැඩවුනු මල් පොකුරක්
පොතින් පොතට මාරු කරණ
දැන් කාලේ වැලන් ටයිම්......

Jan 24, 2013

ගොවි ළදරිය.......








කැකුළු මල සොයයි කෙළිකම
එනමුදු නැත වාසනා ඈ හට
රතු ගවුම,බොඳ වු නෙත් යුගල
පවසයි ඇගේ ඉකි බිදිනා සිත් මල


නෑ තවම 2ක Pass
නෑ තවම 6ය,4ර තේරුමක්
අතේ ලොකු බෑගයක්
ගෙනෙයි මවුනට සහනයක්


පිය අත නැත සුමටළු රජ කරන්නේ
මව හිස මත රන් බිදු දඟ කරන්නේ
හිස මත දුක් පොදි යුධ වදින්නේ
ගොවිකම් කලත් තුටියෙන් කල් ගෙවන්නේ


වම් බටු ලීස් ගොවා හිනහෙන විටදි
තඩි බඩ සිගරට් එක හමුවෙයි වැට ලඟදි
ලන්සුව නුඹේ දඩිය ඔහු ලඟදි
හර බැර කරයි අග හිඟකම් උඩදි


නුඹ අකුරට නොගියාදෝ
අත දෙන්නට කිසිවෙකු නැතිදෝ
කාසි අඩුව නුඹටත් දැනෙනවදෝ
නුඹ තමත් බත් අදිනවදෝ

Jan 8, 2013

අම්මේ....












  මෝරා වදින සඳ
  ගත සිසිල තෙමමින්
  මේ රැයත් ගෙවන්නම්
  පුන් සඳක් දකින්නට
  ඔය උකුල මත අම්මේ....



මදු...

Jan 7, 2013

දැන් කාලේ.....










කිරි සුවඳ ඇතිමුත් මුව
චණ්ඩි කමක් ඔළුව පිරිලා
හැඩ වෙනුවට දැලි රැවුලේ
පරුෂ වචන මුව පිරිලා
එල්ලෙන තාලෙට කලිසම
සිගරට්ටුව යාළුවෙලා
අම්මා තාත්තා වැඩිහිටියන්
මැන්ටල් ගානට දාලා
හිස් ඔළුගෙඩියත් එක්කම
තමන් පොරක් බව හිතලා....