Jan 24, 2013

ගොවි ළදරිය.......








කැකුළු මල සොයයි කෙළිකම
එනමුදු නැත වාසනා ඈ හට
රතු ගවුම,බොඳ වු නෙත් යුගල
පවසයි ඇගේ ඉකි බිදිනා සිත් මල


නෑ තවම 2ක Pass
නෑ තවම 6ය,4ර තේරුමක්
අතේ ලොකු බෑගයක්
ගෙනෙයි මවුනට සහනයක්


පිය අත නැත සුමටළු රජ කරන්නේ
මව හිස මත රන් බිදු දඟ කරන්නේ
හිස මත දුක් පොදි යුධ වදින්නේ
ගොවිකම් කලත් තුටියෙන් කල් ගෙවන්නේ


වම් බටු ලීස් ගොවා හිනහෙන විටදි
තඩි බඩ සිගරට් එක හමුවෙයි වැට ලඟදි
ලන්සුව නුඹේ දඩිය ඔහු ලඟදි
හර බැර කරයි අග හිඟකම් උඩදි


නුඹ අකුරට නොගියාදෝ
අත දෙන්නට කිසිවෙකු නැතිදෝ
කාසි අඩුව නුඹටත් දැනෙනවදෝ
නුඹ තමත් බත් අදිනවදෝ

4 comments:

yasiru said...

නියම කවිය

Unknown said...

ෆට්ට ෆට්ට

සිතුවිලි පවුර.. said...

ගොඩක් ස්තුතී....

සිතුවිලි පවුර.. said...

ගොඩක් ස්තුතී....