Aug 23, 2019

බස් එකේ යන ගමන්....















හිමිදිරියේ
සිප ගනිමි
ගහ කොළ
සිසිල් සුළඟ
සිත ගත
පිරෙන්නට...
වැලැද ගමි
දුක දොම්නස
කටුක බව
සහ
දහඩිය සුවඳ
දැඩි ලෙන්ගතු කමින්..
පියවර තබමි
දිරි ගෙන
අපේම පංතියේ
එවුන්ට
හොඳම සේවකයා වෙන්න..

Jul 23, 2019

6 - හය...



හිමිව සිටි 
අවුරුදු 
හය ට 
වඩා
දැනේනවා මට
අහිමිව ගිය
මාස 
හය...

Jul 19, 2019

විකිනෙන හීන...

හීන
මල්ලක්
පුරෝගෙන..
අදත්
මම
ලොතැරැය්යක්
මිලදී
ගත්තා..


Jul 17, 2019

FINAL ANSWER...

හීන බර වැඩියි
වෙහෙසයි 
මහන්සියි
මට.. 

Jul 16, 2019

පිළියම..

                                                                                    අම්මා කියනවා මට..

ඔබට දැන් අපලයි ලූ..
සිත් රිදුම් බොහොමයි ලූ..
කරදරත් එමටයි ලූ..
නව ග්‍රහයෝ නීචයි ලූ..
පූජාවක් තියමූ ලූ..
යන්ත්‍රයක් දාමූ ලූ..
හෙට දවස හරියයි ලූ..

හිත කියනවා මට..
නුබ නැතිව පාලුයි ලූ..

Jul 13, 2019

රිදුනු තැන් ජීවිතයේ බෝමා..


රිදුනු තැන් ජීවිතයේ බෝමා..
කදුළුු බිදුවක දෙපැත්තක් ඔබ මා...
සීතලෙන් ගැහෙනා...
ඒ කදුළුු බිදුවට නමක් තියමුද
ආදරේ කියලා...

ගායනය :අනුස්කා මදුශානී.https://www.youtube.com/watch?v=ixrklHheWg0