
අම්මපා පොතක් අල්ලනවද....? නැටිල්ල නැටිල්ල..... බෝලෙයි බැට් එකයි හැම දාම carton , carton , ස්කෝලේ පංති වල වැඩක් හරියට කරනවාද? මෙහෙ එනවා.....
අද චක්කරේ පාඩම් වැරැද්දුවොත් මම හොඳ වැඩක් කරනවා. බලපන් අර සිරිපාලයාගේ කොල්ලා කන්ටත් හරියට තියෙනවද.? ස්කෝලේ ඇරිලා ආපුවාම එළුවෝ බලන්ටයි නංගිලා බලාගන්ටයි.බලපන් වු යස අගේට පාස්නේ.අන්න දරුවෝ...
අපේ එවුන්ට කාලා තෙල. ස්කෝලේ මහත්තයාගේ පොඩ් පුතා ඉහලින්ම පාස්නේ. දැන් ඉතිං ලොකු ස්කෝලේකට දායි. කෝ ඉතිං මං අවුරුදු 2ක් ශිෂ්‍යත්වේ පංති වලට බඩ ගෑවා. වැඩක් තියෙනවද? දැන් ශිෂ්‍යාධාරත් නෑ... මං ලොකු අක්කටත් කිව්වා අපේ එකා දක්ෂ්‍යා විභාගේ ඉහලින් පාස් වෙයි කියලා. අම්මපා මීට වැඩිය හොඳයි මූට පුන්නක්කු කන්ට දුන්නනම්, කාලකණ්ණි කියන දෙයක් තබේට අහන්නෑ...........
ස්කෝලේ අරිලා ආපුවාම හැම දාම මෙහෙම තමයි . අම්මගේ බර බරේ,
මං මොකක් කරත් අම්මට වැරැදි, අම්මට ඔනේ මව ලොකු දොස්තර මහතයෙක් කරන්ටලු . අපේ පංතියේ තිරිදුලාට, මලිත්ලට එහේම නෑ. සෙල්ලම් කරා කියලා බනින්නෙත් නෑ...
එතකොට පාඩම් කරන ටිකත් මතක හිටිනවා. අම්මා බනින කොට මම කරන්නේ බොරුවට පොත දිහා බලන් ඉන්න එක එතකොට අම්මට හරි සතුටුයි ඒ වුනාට ශිෂ්‍යත්වෙට ලකුණු අඩු වුනාම අම්මගේ වැරදි කාරයා මමද? අම්මේ..........?
2 comments:
ඒකනේ මූට පුන්නක්කු බාල්දියක් දුන්නනම් ඉවරයිනේ.. :P
මේ රටේ කිරිවල ගනන් හැට්යට පුන්නක්කු දෙන එක
සාක්කුවටත් හොඳයිනේ.............,
Post a Comment