Nov 30, 2011

ගාල් කළ ජීවිත...









ගැබ්බරව දඟලන සිතුවිලි
සර සවිය තුල
ගාල් කර පතයි
රජ පුටු අමණ කැළ
පිපෙන්නට පොදි කන
කැකුළු හට
ඉනි වැටක් වෙයි
සර සවිය තුල

ගුරුසිත නොරිදවාලයි
අප සබරෙට ආවේ
තවමත් දණ වැටෙයි
විදු මවගේ නම මත්තේ
නිදහස අහිමී
සබරේ ස්මත්තේ
රොබෝවෙක්
වෙන එක ද ?
නුඹලගේ සැනසීම
ලොක්කේ

නිදහස,කළාව
මූනිච්චාවට
පමණ ද සර සවියේ
ගැබ්බර කළාවයි
නුඹ සබරේ වලළන්නේ
ගුණ සුවඳ
සුපිරි ජීවිතම ද
නැති විය යුත්තේ
අප ජීවිතත්
පුද දිය යුතුම ද
අළු අස්සේ............?

4 comments:

මම ඩුමාංජරිය said...

මිල මුදලට,යස ඉසුරට
අත නොපෑ අපගේ පරපුර....

මිල මුදලට ,යස ඉසුරට
වැදූ මවත් විකුනන
නුඹගේ පරපුරට වඩා උතුම් වේ.....

සිතුවිලි පවුර.. said...

අමනයන් විසින් අවරගිරට දක්කන සබර ගමුව,ලේ කදුළු මතින් හෝ යලි ගොඩ නගමු......

මම ඩුමාංජරිය said...

මල්ලී දිනයක අප,ඔබ නැති අඩු පාඩුව අපෙ සබරෙට දැනෙනු ඇත. සබර මවගෙ සුජාත දරුවන් ඇය හැර ගොස් ඇති බව ඇයට තව අවුරුදු කිහිපයකින් දැනෙනු ඇත. එදිනට ඇගේ දරුවන් ඇයව විනාශ කරන බව ඇයට දැනෙනු ඇත. අපිට පිය නගන්නට පින් බිමක් නැති වනු ඇත. මිල මුදලට යස ඉසුරට ලොබ බැද අද දිනයේ සබරය විනාශ කරන අයට පවා එදිනට කදුලක් නැගෙනු ඇත. සොදුරු හදවත් ඇත්තවුන්ගේ පාරදිසයට අද තබන අත එදිනට ඔවුන්ගේ හද කකියන වේදනාවක් වනු ඇත.............

සිතුවිලි පවුර.. said...

ඇගේ නම සබරේය
පඹහින්නේ වසන්නීය
මුසාවෙන් මුවා වී සිටින්නීය
විමුක්තිය නාමයෙන් හඩන්නීය.....