Sep 21, 2015
Aug 12, 2015
අරුම පුදුම ඉස්කෝලේ......
වැඩ කරන විට තමයි හිතෙන්නේ අයෙත් ඉස්කෝලේ යන්න, කැම්පස් එකේ කොච්චර නිදහසේ හිටියද කියලා.ඔහොම කල්පනා කරන විට තමයි හිතුනේ මේ ඉස්කෝලේ ගැනත් මොනවා හරි ලියන්ට ඕන කියලා.තමන්ව අඳුර ගන්න කැමති හැමෝටම මේ ඉස්කෝලේට එන්න පුළුවනි.වයස ප්‍රශ්නයක් නෑ. වැරදිලා හරි එන්න හිතුනොත් මේ අංකයට කතා කරන්නකෝ 077-2 154 354.
Jul 25, 2015
කෝ පැනඩෝල්......
පුංචි අමනාපයක්
විරසක වූ
වචන කීපයක්
බේරුම් කර ගන්න බැරි
පාළුවක්
කඩා වැටෙන
සුසුම් පෙලක්
හරියට
හිසේ රදේ හැදුනු
පලවෙනියා
මම වගේ............
Jul 15, 2015
අපේ බලය
ජන හිත කියා..
අංක එක
රට කියා..
List එකේ
අනාත අය තියා..
කවුරු ආවත්
පන්සිල් පද කියා..
මනස, හිස
ඍජූව තියා..
පාට හැඩ තල
ලිප මුල තියා..
පලමුව නොව
තෙවනුවත් සිතා..
මනාපය
නිවරැදි
වුන් ලඟම තියා..
පෙන්නමු
කතිරය බලය
අපි ළඟ කියා......
Jun 18, 2015
ජීවිතය සටනක්
ජීවිතය සටනක්
රැකියාව එහි
සවිමත්ම අවියක්
පුහුණුවේ බලයත්
අත්දැකීම් ගොන්නක්
එකට එක්වූ විට දැනේ..
පෙර නොවු සවියක්...
පසු පසින් හමා එන
දුක් කරදර..
හැර දමා යා
නොහැක බොහොදුර..
ගැරහුම් පිසදා
බිද දමා යන්නට
ජීවිත ගමනට.. .
මුවහත්ව පෙරමුණ ගැනි
රැ කි යා ව...
ජීවිතය සටනක්.. //
සෙනෙහසින් රැදි වුන්
නාමික..
පලා යා හැක
අප අත හැර..
කාසි කහවනු තනතුරු පතා
විසිර යන යාමේ..
කවුරු නම් ළඟ
වේද තනියට....
ජීවිතය සටනක්.. //
May 10, 2015
සිතුවිල්ල
සඳුට ජීවත් වෙන්න කිසිම ලෝභකමක් නැතුව අවනත වන හිරුගේ රත්තරං පාට, වැහි මාර ගහ මැදින් බාගෙට බදින බිත්ති වලට වැටිලා. ගේ ඉස්සරහින් ගලන ඉඟුරු ඔයත් රත්තරං පාටට හිනහි හිනහි කෑ ගහනවා. හරියට අපේ ජීවිත වගේ. හැමදාම ගෙදර හැදෙන පොල් සම්බෝලෙයි බතුයි වගේ. කැඳ උගුරක් පොල් එක්ක බීලා හිනාවෙලා ඉන්න පුළුවන් වෙනවා වගේ.
ඒත් කාලය ගෙවිලා ගිහිල්ලා පොල් සම්බෝලෙට දෙහි ඇඹුල් ටිකක් එකතු වෙන්න ගත්තා. තුන්වේලටම හාල් ටිකක් ලිපේ නටන කාලය උදා වුණා. බාගෙට බැදපු බිත්ති උස ගිහින් පාට ටිකක් වැටෙන්න ගත්තා. ඒ කාලේ මම කොච්චර සතුටු වුණාද? කොච්චර ආඩම්බර වුණාද? ඒ අගහිඟකම් අඩු වෙලා රුපියල් ශත එකතු වෙලා පුංචි පුංචි හීන එළිදැකපු හින්දමත් නෙවෙයි. මටත් වඩා රටට ආදරය කරන සෙබෙලෙකුගේ බිරිඳක් වෙන්න පුළුවන් වුණු නිසයි.
මට මතකයි මම අම්මා
කෙනෙක් වෙන්ට නාවලපිටියේ ඉස්පිරිතාලේ ඉන්නකොට මොන රාජකාරිය තිබුණත් අප්පච්චි දුව්ගෙන
ආවා. ඒ ඇස් වල කොනක නොපෙන්වපු, කාටවත්ම නොපෙනෙන තෙත් ගතියක් සීතලට ගුලිවෙලා තිබුණා.
ඔන්න දැන්නම් අම්මව බලා ගන්න කෙලි පොඩ්ඩක් ඉන්නවනේ කියලා කියපුවාම මම කොච්චර හයියෙන්
අප්පච්චිගේ කන මිරිකුවද? කෙල්ල ටික ටික ලොකු වෙද්දි ඒකිගේ හැම උපන්දිනයක් වගේම කෙල්ල
ගෙට වුණු දවසත් මහා ලොකුවට නැතත් අපට ඇහැකි විදිහට ලස්සනට සමරද්දි කෙල්ලගේ මූණේ එළිය
වගේම අප්පච්චිගේ මූණේ තිබුණු ආඩම්බරකමත් මට මැවිලා පේනවා.
ඔහොම කාලේ ගෙවිලා
ගිහිල්ලා රත්තරං පාට අහස අඳුරු වෙච්ච මූසල හැන්දෑවක හිමින් සීරුවට ගියපු ඉඟුරු ඔය
සැඩ වෙන්ට පටන් අරං. ඔය ඉවුරේ පුංචි පුංචි ගස් ඉඟුරු ඔයට හිස නමලා. අහම්බෙන් කන වැටුණු
ගුවන් විදුලියට කීවේ උතුරු ක්‍රියාන්විතය අපි විජයග්‍රහණය කරලා කියලා. අපි කොයිතරම්
සතුටු වුණාද? පපුවේ තිබුණු ගින්දර හංගාගෙන එක හුස්මට වහලේ කොනක හංගලා තිබුණු රතිඤ්ඤා
පෙට්ටියට ගිනි තිබ්බා. කෙලගේ කෑ ගැහිල්ලයි උඩපැනිල්ලයි නතර වුණේ අප්පච්චි ඉඳපු ප්‍රදේශයටත්
ප්‍රහාරයක් එල්ල වෙලා කියලා ඇහුණට පස්සේ. දාපු රතිඤ්ඤා අපට කන්න හිතුණා. දුවගෙන ගිහින්
ඉඟුරු ඔයට පනින්න හිතුණා. ඒත් මටවත් පොඩි එකීටවත් ඒ දේ කර ගන්න බැරි වුණේ මම පොඩි එකි
ගැනත්, පොඩි එකි මම ගැනත් හිතපු හින්ඳා වෙන්න ඇති.
එදා ඉඳන් කොච්චර
හිත හදා ගන්න හැදුවත් ලේ රත්වෙන හැඟීමක් හදවතේ දෝංකාර දෙනවා වගේ මට තමත් දැනේනවා. කාලය
එක්කම දැන් ඉඟුරු ඔයත් පෙන නංවලා හිනාවෙන්නේ නෑ. අපේ පවුලට වගේම නියඟයේ අමාරුව ඉඟුරු
ඔයටත් තදින්ම දැනෙන්න පටන් අරගෙන තිබුණා.
ඔය කාලේ තමා පොඩි එකීට විශ්වවිද්‍යාලේ යන්න පුළුවන් වුණේ. මටත් කොහොම හරි ඒකිටවත් ජීවිත්යක් හදලා ඇහැ පියාගන්න උවමනාව තදින්ම දැනෙනවා. කාලය හොරෙන්ම ඉගිලිලා යනවා. දැන් කැම්පස්වල කලබලලු. විප්ලවද මොනවදෝ කරනවා කියලා මට හන්දියේ කථා වෙනවා ඇහුණා. මම පොඩි එකීට කථා කරලා කීවේ "ඉගෙනගෙන වරෙන්
අපිට කාත් කවුරුත් නෑ" කියලා. ඒත් පොඩි එකී කියපි "අප්පච්චි ජීවිතේ ගැන හිතන්
නැතුව සටන් කරපු හින්දා නේද අපි අද නිදහසක් සමරන්නේ?" කියලා. ඔව්, මම දන්නවා පොඩි
එකීගේ හිතත් අප්පච්චි වගේම හයියයි. හරියට ඉඟුරු ඔය වගේ. මොන ගල් කුළු තිබුණත් වෙලාවකට
හරි වේගයෙන්, තවත් වෙලාවකට ඉබි ගමනෙන් ඉදිරියට ඇදෙනවා වගේ. එත් මගේ හිතේ තියෙන ගින්දර
කට කියන්නද? ඇත්තටම අසරණ වුණේ දුප්පත් කමද? සුළු ජාතින් ලෙස ඉපදුණු මිනිසත් කමද? එසේත්
නැත්නම් අයිතීන් වෙනුවෙන් කථා කිරීමේ වරද ද?
මෙම ලිපිය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලේ කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් එළිදක්වන "සංහිඳ" සඟරවේ තෙවෙන වෙළුම පළමු කලාපය තුල සිතුවිල්ල ලෙස ඵල විය.
Apr 26, 2015
යථාර්තය.....
චන්චල හිත
ප්‍රශ්නාර්තයක් වූ අන් හිත් වලට
යෞවන තත්පර ඉගිල්ලී
කාසි කහවනු කවට හිනා මැද
තබා ඔටුනු උපාදිය
වැහි බිදු වැටෙන ගෙපල තුල
සහතික පදක්කම් පුස්කයි
ලිපි ගොනු කවර තුල
Apr 21, 2015
කදුළු මතකයන්........
ජීවන සොඳුරු සිතුවම්
දුටිමි සිරි යහන් ගැබ තුල
ඉටුවිය නොසිතු ලෙස
අහස උස අපේක්ෂාවන්
හදවතේ සතුට පිරි ඉතිරිය
මොහොතකටවත් නොසිතුවමි
වැහි කඳුළු කැට සැඬ
පෙරලවන වග මිහිතලය
දෑස හැර කියන්නටවත් පෙර
මෙ ලොවෙන් මා සමුගන්නා බව....
Subscribe to:
Posts (Atom)