Jun 18, 2015
ජීවිතය සටනක්
ජීවිතය සටනක්
රැකියාව එහි
සවිමත්ම අවියක්
පුහුණුවේ බලයත්
අත්දැකීම් ගොන්නක්
එකට එක්වූ විට දැනේ..
පෙර නොවු සවියක්...
පසු පසින් හමා එන
දුක් කරදර..
හැර දමා යා
නොහැක බොහොදුර..
ගැරහුම් පිසදා
බිද දමා යන්නට
ජීවිත ගමනට.. .
මුවහත්ව පෙරමුණ ගැනි
රැ කි යා ව...
ජීවිතය සටනක්.. //
සෙනෙහසින් රැදි වුන්
නාමික..
පලා යා හැක
අප අත හැර..
කාසි කහවනු තනතුරු පතා
විසිර යන යාමේ..
කවුරු නම් ළඟ
වේද තනියට....
ජීවිතය සටනක්.. //
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ජීවිතය සටනක් අත් හැරිය නොහැකි,
රැකියාව අත්වැලක් ජීවිතයට,
නමුදු ජීවිතය රැකියාවද...?
රැකියාව ජීවිතයද...?
සොයමි මම මා අවට සියල්ලම නැතිවී යනකල්හිම....
Post a Comment