Jul 17, 2014

කෝමත් හොඳයි හොඳේ....

















ඇතෙමෙකු...



පුන් පොහෝ දිනයත්
මුහුණු පොතේ
බෙදාගන්න....
ගමුකො ඉතිං
පින්තූරය
අපිත් දන්සල්
දුන් බව පේන්න... 

තවකෙකු..

ගිලිහුනා රුපියලක්
දෙපා නැති
මිනිසකුගේ පාමුල... 
නිවන්නට
සුදහා ගින්දර ...
ඒත්.... 
 නැත
පින්තූරයක්.
පෙන්නන්නට
මනුසත්කම හැර...

2 comments:

මම ඩුමාංජරිය said...

කිසිවක් නැත ඉතිරි වුනේ අවසනට..... මතකයන් පමණි......

madhushika said...

good work...