Apr 27, 2014

කෙළිබිමේ මොහොතක්....



ෂික්… ෂික්…  ආයෙත් අවුට්. මම පැය කීයක් බලන් හිටියද? ඒත් තාම බැරි වුණානෙ දිනන්න. අදනම් කොහොම හරි දිනනවා.  මේ..... ඒක නෙවෙයි, අපේ රටේ ජාතික ක්‍රිඩාව  ක්‍රිකට් ? රගර් ?  නැත්නම් වෙන එකක්ද?  මට නම් ඔය මොකක් වුණත් "Computer Game" තරම් නම් හොඳ නෑ.

ඕකනේ කියන්නේ, අද මිනිසුන්ට ක්‍රිඩාවක් කරන්ට තියා සිංදුවක් අහන්ට වේලාවක් නෑනේ.  මෙහෙම යනකොට එතින් රටේ ජාතික ක්‍රිඩාව තියා අම්මා තාත්තා අමතක නොවි තිබුණොත් හොඳයි.  හැබැයි ඉතින් කැසිනෝත් ඉස්සරහට ජාතික ක්‍රීඩාව බවට පත් වෙයිද දන්නේ නෑ.

ඔය කොහොම වුණත් කාට කාටත් දැනගන්න අපේ ජාතික ක්‍රිඩාව "අත්පන්දු" කියලා මතක් කරන්නම්. වොලිබෝල් කියුවාම හැමෝම දන්නවනේ,  වගේම මෙය කණ්ඩායම් දෙකක් ක්‍රිඩා කරන එක් පිලකට 6 දෙනෙකුට ක්‍රිඩා කිරීමට  හැකි සහ අතිරේක 6ක් සමඟ 12 ස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිඩාවකි. එමෙන්ම දෑත් භාවිතා කරමින් කළ යුතු ක්‍රිඩාවකි. මෙහිදි පරිදිය අඟල් 26ක් (65cm) සහ බර අවුන්ස 9-10 (260/280g) පන්දුවක් යොදාගනි.
අත්පන්දු ඉතිහාසය සොය බලන් විට, මෙය ව්‍යාපාරිකයින් සඳහා ගෘහස්ත ක්‍රිඩාවක් ලෙස Holyoke  වල තරුණ මිනිසුන්ගේ ක්‍රිස්තියානි සංගමයේ(YMCA) අධ්‍යක්ෂක William G.G Morgan විසින් 1895 දි සොයාගෙන ඇත. එසේම මීට අදාළ නීතිරීති Morgan විසින්ම ලියා උතුරු ඇමරිකානු තරුණ මිනිසුන්ගේ ක්‍රිස්තියානි සංගමයේ මළල ක්‍රිඩා මණ්ඩලයේ කාර්යාල අත්පොතෙහි මුද්‍රණය කර එළිදක්වා ඇත. ඒ අවධියේ මෙය හදුන්වා ඇත්තේ Mintonnette ලෙසය. නමුත් පසු කාලයේදී Spring Field විද්‍යාලයේ ආචාර්යවරයෙකු මෙම ක්‍රිඩාව අතින් කරන ශෛලීය හඳුනාගෙන මේ සඳහා "අත්පන්දු" ලෙස යොජනා කර තිබේ.

 මීට අමතරව ප්‍රථම ඇමරිකානු වොලිබෝල් ජාතික තරඟාවලිය 1922 දී YMCA ශාරිරික අධ්‍යාපන සංගමය විසින් නිව්යෝක් වල පැවැත් වු  අතර ඇමරිකානු අත්පන්දු සංගමය  1928 දී පිහිටුවා නැවත වරක් ඇමරිකාව තුළ නීතිරීති සම්පාදනය හා පරිපාලනය යන කටයුතු සිදුකර ඇත. එමෙන්ම 1928 දී එක්සත් ජනපද අත්පන්දු සංගමය හදුන්වාදුන් වර්තමාන ජාතික පිලේ සහ ජ්‍යෙෂ්ඨ පිලේ (වයස අවුරුදු 35 හා ඊට වැඩී) අත්පන්දු ශුරතාවලි 1944 සහ 1945 දෙවන ලෝක යුද්ධ සමයන්හි හැරැණු විට අඛණ්ඩව පවත්වා ඇත. නමුත් මෙහි කාන්තා අංශ 1949 ආරම්භ කර ඇති අතර ජ්‍යෙෂ්ඨ කාන්තාවන්ගේ ( වයස අවුරුදු  30 සහ ඊට වැඩී) තරඟය 1977 දී එයට එකතු කර තිබෙ

 එසේම පළමු වන ලෝක  සංග්‍රාමයේදී ඇමරිකානු භට කණ්ඩායම් විසින් යුරෝපයට වොලිබෝල් හදුන්වාදී ඇත. එසේම ජාත්‍යන්තර අත්පන්දු සංගමය 1974 දී පැරිසියේ දී සංවිධානය වු අතර  වර්තමානය වන විට රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් සාමාජිකත්වය ලබා තිබේ. 1913  දී ජාත්‍යන්තර වොලිබෝල් තරඟ සඳහා මුල පිරුණු අතර ප්‍රථම වරට ඈත් පෙරදිග රට වල තරඟ පිලීපීනයේ මැනිලා නගරයේ දී පවත්වා ඇත. එසේම 1900 මුල් භාගයේදී ආරම්භ වු මෙම තරඟ දෙවන ලෝක යුද්ධය ආරම්භය තෙක් අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ.මෙහි විශේෂත්වය වන්නේ ආසියාවේ වොලිබෝල් ක්‍රීඩාව කනු  ලැබුවේ විශාල ක්‍රිඩාපිටිවල පහත් දැල්යොදා ගනිමින් විමයි. එසේම පන්දුව පිරිනැමෙන අතරතුර ක්‍රිඩකයින් වාමාර්තව සිටිය යුතු වීමයි. නමුත් පන්දුව පිරිනැමිමෙන් පසුව ස්ථානගත වීම වෙනස් කළ හැකිය.

1949 දී ජාත්‍යන්තර අත්පන්දු සංගමය පිරිමි අත්පන්දු තරඟාවලි සඳහා පමනක් අනුග්‍රහය දැක්වු අතර 1952 සිට කාන්තා සහ පිරිමි යන දෙපාර්ශයටම ලබා දෙයි.

මීට අමතරාව 1952 දී ලෝක අත්පන්දු ක්‍රිඩාවලියට ප්‍රේක්ෂකයන් 40,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබීම (ඉතිහාසය තුළ) මෙහි ජනප්‍රියත්වය පෙන්නුම් කරයි. එසේම 1964 දී ජපන් කාන්තා කණ්ඩායම් ඔලිම්පික් තරඟාවලිය ලබාගැනීම, ඉතිහාසය තුළ පෞද්ගලික කර්මාන්තයන් වොලිබෝල් සඳහා ඇති ලැදියාවද පෙන්නුම් කරයි. එනම් සමාගම්හි රාජ්කාරියේ නියුක්ත කාන්තාවන්ගේ කැපකිරීම හා පුහුණුවිම මත 1962, 1966 , 1967, 1974 ඔලිම්පික් තරඟාවයන්හිදී ලෝක ශුරතවය දිනා ගනිමින් සිය සලකුණ ජාත්‍යන්තර තලයේ සනිටුහන් කිරිමයි. එසේම 1969 ලෝක කුසලාන ශුරතාවය හිමිවී ඇත. දෙවන වසරේදි ආසියාවටත් තෙවන වසරේදි ඇමරිකාවටත් එය හිමිවී ඇත.

මීට අමතරව වොලිබෝල් වල ජනප්‍රියත්වය හා ආකර්ශනය මත වෙරළ අත්පන්දු තරඟාවලි 1930 දී කලිෆෝනියාවේ ආරම්භ වීම සුවිශේෂි වේ. මෙහිදි වැලිපිටියක එක් පිලකට දෙදෙනකු බැගින් ක්‍රිඩා කරයි, එසේම 1948 Will Roges State හිදී වෙරළ අත්පන්දු තරඟාවලිය පවත්වා තිබේ. 

ඔන්න ඔහොම තමයි ඉතිං වොලිබෝල් ආරම්භ වෙලා, ජනප්‍රිය  වෙලා, වගේම අපේ ජාතික ක්‍රිඩා බවට පත් වෙලා තියෙනේ. වොලිබෝල් ගැන මෙසේ තොරතුරු ලබා ගන්න මටත් වැරදිලා හරි පුස්තකාලෙ පැත්තේ යන්ට වුණා. විෂව කෝෂයත් පෙරලන්ට වුණා. ඉතිං වොලිබෝල් ගැන තොරතුරු කියවන ගමන් පුස්තකාලේකට එහේම ගියාම විශ්ව කෝෂයත් ටිකක් බලලා තොරතුරු ටිකක් එකතු කර ගන්න ලෙස සංහිඳ  පාඨකයන්ට මතක් කරනවා.


 මෙම ලිපිය ශ්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයහි කළමණාකරණ අධ්‍යයන පීඨය මගින් ප්‍රකාශයට පත් කරණු ලබන "සංහිඳ" සඟරාව තෙවන වෙළුම පළමු කලාපයහි පලවිය

No comments: