Sep 10, 2016

ආසයි බයයි.....

කියවන්න නෙවෙයි, අත්දැකීම් විදින්න.....






























හිතුනොත් එන්න ; 077 2 154 354

ආසයි බයයි.....

කියවන්න නෙවෙයි, අත්දැකීම් විදින්න.....






























හිතුනොත් එන්න ; 077 2 154 354

Apr 1, 2016

ගන්දබ්බයකුගේ පාපොච්චරණය..

















පෙරුම් පිරුවත් හිරු දකින්නට 
නුබේ කුස තුල විගසිනේ....
කතුරු, හැඩතල දරුණු ආයුධ 

මගේ ගෙල සිඳ වෙන් කලේ....
ගලන රුදිරයේ රතු කදුළු මගේ 

නුබේ සුසුමට මුසු උනේ....
ගැහැනියද හරි මිනිහෙක්ද හරි 

කවුරුන්ද හරි මට නොතෙරුනේ....
මිනිසකුගේ අසරණ කමට 

මිනිසකුයි හෙට නැති වුනේ....

Jan 9, 2016

අත් වින්දොත් දිනක...

 


















කිටි කිටිය හඬ පටය
නගයි ජීවිතයේ තරම
ඇස උඩ යට යවා
නටයි අවසාන නැටුම
බිදු බිදුව කිදා බැස
පන පොවයි සේලයින් කදුළු කැට
නොඇසුනත් මුලු ලොවට
මොරදී කියයි සිත
මිය දෙන්න නොහැකි බව...

Sep 21, 2015

මතක සිත......















හද විලම 
පුබුදු කල
පිපි කුසුම 

ඔබම විය.....

නෙතු අතර 
රැඳුණු රුව 
සැම දිනම 
මගෙම විය......

Aug 12, 2015

අරුම පුදුම ඉස්කෝලේ......



වැඩ කරන විට තමයි හිතෙන්නේ අයෙත් ඉස්කෝලේ යන්න, කැම්පස් එකේ කොච්චර නිදහසේ හිටියද කියලා.ඔහොම කල්පනා කරන විට තමයි හිතුනේ මේ ඉස්කෝලේ ගැනත් මොනවා හරි ලියන්ට ඕන කියලා.තමන්ව අඳුර ගන්න කැමති හැමෝටම මේ ඉස්කෝලේට එන්න පුළුවනි.වයස ප්‍රශ්නයක් නෑ. වැරදිලා හරි එන්න හිතුනොත් මේ අංකයට කතා කරන්නකෝ 077-2 154 354.

Jul 25, 2015

කෝ පැනඩෝල්......













පුංචි අමනාපයක්
විරසක වූ 

වචන කීපයක්
බේරුම් කර ගන්න බැරි 

පාළුවක්
කඩා වැටෙන 

සුසුම් පෙලක්
හරියට 

හිසේ රදේ හැදුනු 
පලවෙනියා 
මම වගේ............

Jul 15, 2015

අපේ බලය
















ජන හිත කියා..
අංක එක

රට කියා..
List එකේ 

අනාත අය තියා..
කවුරු ආවත් 

පන්සිල් පද කියා..

මනස, හිස 

ඍජූව තියා..
පාට හැඩ තල 

ලිප මුල තියා..
පලමුව නොව 
තෙවනුවත් සිතා..
මනාපය
නිවරැදි 
වුන් ලඟ තියා..
පෙන්නමු 

කතිරය බලය
අපි ළඟ කියා......