Jan 2, 2012

කඩ ඉම අපේ.....











සයමාසික
අවසානය
කෙටි සටහන්
පොකුරු බැඳන්
තනි වෙන්නට
Library
නිදි මරන්න
රීඩිමේ
1st Class එකේ
සිහිනය හිස
මල් පිපෙන්න
ජීවිතේ
ලඟ ලඟ එයි
කඩ ඉම අපේ
සරසවි අපේ ජීවිතෙ..

Dec 27, 2011

ලංකාවේ ප්‍රථිඵල....









ගොනුකර කරුණු
කෙටි සටහන් පොකුරු
සැරසුණා අපිත්
තරණයකට කඩුළු
පොදිකන සිතුවිලි
යට කර අකුරු
නොනිදන නෙතේ
තුටු කදුළක් නැතිදෝ

සිහිනය සිතේ
සරසවියට ගොඩ වෙන්ට
ප්‍රථිඵල වුනේ
දුප්පත් අපි නැති වෙන්ට
රජ පුටු වලට
S 3 ඇති, බව ඇත්ත
දුප්පත් වුන්ට
කැඳවත් නැද්ද

ආශ්චර්යයට දුන්
ප්‍රථිඵල රටට
ආවා ජයට
එක පිට එක
කණ පිටට
ජිවිත එක්ක
කරණා සෙල්ලම ගජය
ලොක්කගෙ සිතුවිල්ල
Privet යුනිසිටිය

මැතිවරණයේ
ප්‍රථිඵල නම් අකුරටය
විභාගයේ
ප්‍රථිඵල නම් හකුරටය
වැරැද්ද වුනේ
Computer එකේමය
කවුරු හරිද
මේ ලංකාවේ හැටිය...

Nov 30, 2011

ගාල් කළ ජීවිත...









ගැබ්බරව දඟලන සිතුවිලි
සර සවිය තුල
ගාල් කර පතයි
රජ පුටු අමණ කැළ
පිපෙන්නට පොදි කන
කැකුළු හට
ඉනි වැටක් වෙයි
සර සවිය තුල

ගුරුසිත නොරිදවාලයි
අප සබරෙට ආවේ
තවමත් දණ වැටෙයි
විදු මවගේ නම මත්තේ
නිදහස අහිමී
සබරේ ස්මත්තේ
රොබෝවෙක්
වෙන එක ද ?
නුඹලගේ සැනසීම
ලොක්කේ

නිදහස,කළාව
මූනිච්චාවට
පමණ ද සර සවියේ
ගැබ්බර කළාවයි
නුඹ සබරේ වලළන්නේ
ගුණ සුවඳ
සුපිරි ජීවිතම ද
නැති විය යුත්තේ
අප ජීවිතත්
පුද දිය යුතුම ද
අළු අස්සේ............?

Nov 21, 2011

අම්මේ මට සමාවෙන්න.........







අම්මපා පොතක් අල්ලනවද....? නැටිල්ල නැටිල්ල..... බෝලෙයි බැට් එකයි හැම දාම carton , carton , ස්කෝලේ පංති වල වැඩක් හරියට කරනවාද? මෙහෙ එනවා.....

අද චක්කරේ පාඩම් වැරැද්දුවොත් මම හොඳ වැඩක් කරනවා. බලපන් අර සිරිපාලයාගේ කොල්ලා කන්ටත් හරියට තියෙනවද.? ස්කෝලේ ඇරිලා ආපුවාම එළුවෝ බලන්ටයි නංගිලා බලාගන්ටයි.බලපන් වු යස අගේට පාස්නේ.අන්න දරුවෝ...

අපේ එවුන්ට කාලා තෙල. ස්කෝලේ මහත්තයාගේ පොඩ් පුතා ඉහලින්ම පාස්නේ. දැන් ඉතිං ලොකු ස්කෝලේකට දායි. කෝ ඉතිං මං අවුරුදු 2ක් ශිෂ්‍යත්වේ පංති වලට බඩ ගෑවා. වැඩක් තියෙනවද? දැන් ශිෂ්‍යාධාරත් නෑ... මං ලොකු අක්කටත් කිව්වා අපේ එකා දක්ෂ්‍යා විභාගේ ඉහලින් පාස් වෙයි කියලා. අම්මපා මීට වැඩිය හොඳයි මූට පුන්නක්කු කන්ට දුන්නනම්, කාලකණ්ණි කියන දෙයක් තබේට අහන්නෑ...........


ස්කෝලේ අරිලා ආපුවාම හැම දාම මෙහෙම තමයි . අම්මගේ බර බරේ,
මං මොකක් කරත් අම්මට වැරැදි, අම්මට ඔනේ මව ලොකු දොස්තර මහතයෙක් කරන්ටලු . අපේ පංතියේ තිරිදුලාට, මලිත්ලට එහේම නෑ. සෙල්ලම් කරා කියලා බනින්නෙත් නෑ...
එතකොට පාඩම් කරන ටිකත් මතක හිටිනවා. අම්මා බනින කොට මම කරන්නේ බොරුවට පොත දිහා බලන් ඉන්න එක එතකොට අම්මට හරි සතුටුයි ඒ වුනාට ශිෂ්‍යත්වෙට ලකුණු අඩු වුනාම අම්මගේ වැරදි කාරයා මමද? අම්මේ..........?

Oct 11, 2011

කවුන්සිල්







සිසුන් අතර
එක සිසුවෙක්
අන් අයගේ
නියෝජිතයා
පිහිටුවා සංවිධාන
බිහිවේ
නායකයින්
රැස්වීම්,උද්ඝෝෂන වර්ජන,
ඇතමුන්ට
හිසරදයක්
කවුන්සිල් කරනවුන්ට
පිස්සු පිස්සු
තව පිරිසක් සිනා නගයි
භාරගත්තේ වගකීමකී
අනුන්ගේ
කුණු අදීමට
තැලී පොඩි වී
එපා වු කල කවුන්සිල්
බැන වදී අන් අයට
එපා වීමකි කවුන්සිල්
ගත්තේනම් වගකීමක්
කළ යුතුය
කවුන්සිල්
ඇයි අප විතරක්
සිතතී වගකීම ගත්තෝ
එලෙසම නොව
කල යුතුය අප
සැමට ඒත්තු ගන්නමු
වටිනකම කවුන්සිල්
එවිට ඉතිං
හැරයන්නන්
හැලී ගොසින්
ඉතිරී වේවි
දිරි ඇත්තෝ
ඔවුන් සමඟ
එක්ව එතිං
දිනමු දිනමු
හෙට වෙනුවෙන්.............


සඳවී (.com)

Oct 5, 2011

අලංකාරයි සංගක්කාර










නැගෙන
ප්‍රීතී ගෝෂා හඬ
කියන්නේ
තවත් දිනුමක් බව
නායකත්වයේ
අපුර්වත්වය
පෙන්නුවා
ලොවට ඔබ
ව්කට්ටුව
පිටු පස සිට
රකින්නේ
කඩුල්ල
පමනක් නොව
ශ්‍රි ලංකා නාමයයි
ඔබ
අලංකාරයි
සංගක්කාර

Sep 26, 2011

ප්‍රාථමික ගුරුතුමිය...










වැලි පුවරුව
පාටකූර
උල කැඩුණු පැන්සල
සොටු බේරුණු නුඹෙ මුහුණ
අද නුඹට අමතක වුවත්..,

ජංගියේ චූ ගියත්
බඩ රිදුණු හැම විටත්
කදුළු පිරුණු ඔය නෙතු ලඟ
ලඟ හිටියේ මම නොවේද..?
අද නුඹට අමතක වුවත්..,

දැලි රවුල වැඩි එද්දී
ලැම ඉස්සී හැඩ වෙද්දී
OL,AL ජය ගද්දී
අයි,නුඹට අමතකද..?
සල් ගස,සල් මල
හෝඩීයේ පාඩම් පෙළ.......

හා හා බලාගෙන......







තාර පාර දිග
පාට පාට
කඩ සල් පිල් සෙවනැල්ලේ
ගිනි සුලඟින් දුවිලී ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ
දැවෙයි මලේ.......