Oct 11, 2011

කවුන්සිල්







සිසුන් අතර
එක සිසුවෙක්
අන් අයගේ
නියෝජිතයා
පිහිටුවා සංවිධාන
බිහිවේ
නායකයින්
රැස්වීම්,උද්ඝෝෂන වර්ජන,
ඇතමුන්ට
හිසරදයක්
කවුන්සිල් කරනවුන්ට
පිස්සු පිස්සු
තව පිරිසක් සිනා නගයි
භාරගත්තේ වගකීමකී
අනුන්ගේ
කුණු අදීමට
තැලී පොඩි වී
එපා වු කල කවුන්සිල්
බැන වදී අන් අයට
එපා වීමකි කවුන්සිල්
ගත්තේනම් වගකීමක්
කළ යුතුය
කවුන්සිල්
ඇයි අප විතරක්
සිතතී වගකීම ගත්තෝ
එලෙසම නොව
කල යුතුය අප
සැමට ඒත්තු ගන්නමු
වටිනකම කවුන්සිල්
එවිට ඉතිං
හැරයන්නන්
හැලී ගොසින්
ඉතිරී වේවි
දිරි ඇත්තෝ
ඔවුන් සමඟ
එක්ව එතිං
දිනමු දිනමු
හෙට වෙනුවෙන්.............


සඳවී (.com)

Oct 5, 2011

අලංකාරයි සංගක්කාර










නැගෙන
ප්‍රීතී ගෝෂා හඬ
කියන්නේ
තවත් දිනුමක් බව
නායකත්වයේ
අපුර්වත්වය
පෙන්නුවා
ලොවට ඔබ
ව්කට්ටුව
පිටු පස සිට
රකින්නේ
කඩුල්ල
පමනක් නොව
ශ්‍රි ලංකා නාමයයි
ඔබ
අලංකාරයි
සංගක්කාර

Sep 26, 2011

ප්‍රාථමික ගුරුතුමිය...










වැලි පුවරුව
පාටකූර
උල කැඩුණු පැන්සල
සොටු බේරුණු නුඹෙ මුහුණ
අද නුඹට අමතක වුවත්..,

ජංගියේ චූ ගියත්
බඩ රිදුණු හැම විටත්
කදුළු පිරුණු ඔය නෙතු ලඟ
ලඟ හිටියේ මම නොවේද..?
අද නුඹට අමතක වුවත්..,

දැලි රවුල වැඩි එද්දී
ලැම ඉස්සී හැඩ වෙද්දී
OL,AL ජය ගද්දී
අයි,නුඹට අමතකද..?
සල් ගස,සල් මල
හෝඩීයේ පාඩම් පෙළ.......

හා හා බලාගෙන......







තාර පාර දිග
පාට පාට
කඩ සල් පිල් සෙවනැල්ලේ
ගිනි සුලඟින් දුවිලී ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ
දැවෙයි මලේ.......

ආදරේනම් මට එපා...









හඳවතේ පොපියන සිතු විලි
සිර කරන් අකුරු තුල
OL,AL සහ තවත්
ආදරේ නම් මට එපා
තව කරන්නට වැඩ ඇත බෝහෝමයක්...

උපාදිය හා සහතික මිටි ගනන්
ලඟ ඇතත් සුරකිව
දින සති මාස අවුරුදු ගෙවුනද නොදනුවත්වම
ආදරේ නම් මට එපා
තව කරන්නට වැඩ ඇත බෝහෝමයක්...

රැකීයාව ඉහලටම
ගත මනා ඇති නමුත්
ආදරේ නම් මට එපා
නිමා වී ඇත නොදනුවත්වම
තාරුණ්‍යයේ සොඳුරු කඩ ඉම...

මත් වතුර.....







පිලිකා ලෙඩ රෝග
බොහෝ ඇති බව
දකින ඇසේන හැම විටද,
සිතන්නේ මම,
ආයේනන් බොන්නෑ කවදාවත්ම..

නගින විට මිල ඉහලට
දැනේන විට අඩුවන බව පිචිචීයක්
සිතන්නේ මම
ආයේනන් බොන්නෑ කවදාවත්ම...

ඇසේන විට පාටීයක හඬ
බොඩීපිට් හෝ හොස්ටල්
පිනට ලබුනු නිසාමත් නොව
පොඩී අඩියක් දැම්මාට
සිතන්නේ මම,
ආයේනන් බොන්නෑ කවදාවත්ම..

ගිනිමැල බඉට් බොන්ගෝ හඬ
සුමිතුරු කතා සිනහව කට කොනක
දැම්මත් ගිනි වතුර සැන්ටින් එක්ක
එලියට එනකොට එන්නේ
බඩ පනුවොත් එක්ක
බුදු අම්මෝ
සිතන්නේ මම
ආයේනන් බොන්නෑ කවදාවත්ම....

සෙබලකුගේ බිරිඳ...








නිදි බරව දඟලන,
ඔය නෙතු තුල,
සිනහවක් කුමකටද ?
අරමුනක නිමේෂය,
නිදහසේ සේයාව විය.

ඔබ,අද නැතත් මා ලඟ.
දේශයේ අභිමානය,
මම ලදම් ඔබේ නම්න්,
මල් නොපිපුනත් මා හඳ තුල,
සැනසෙන්නම් ඔබේ නමින්............