Jul 30, 2012

පොඩි එකී....



















අහස තරම් ආදරේ කලත්
ජීවිතය මෙන් රැක බලා ගත්තත්
කෙසේ නම් නුඹ හුරතල් කරන්නද?
කෙසේ නම් නුඹ සිඹ සනසන්නද?
මහා සමාජයක් අප දෙස
බලන්නේ පහන් සිතුවිල්ලෙන් නොව
ඒත් මගේ දුවේ නුඹ
තාමත් පොඩි එකී මට....

Jul 27, 2012

අසරණ මගේ සිත...













ලබාගන්නට මගේ සිත
දැවටුනත් ලඟ අවට
තෙපලුවත් බොලද වදන්
ගෙනාවත් දුක් පොදි වැලක්
කෙසේනම් බෙදන්නද මගේ සිත
නොරිදෙන්න බඹරුන්ට
අසරණයි මම යලි යලිත්
දිවි කතරේ හැමදාමත්

Jul 22, 2012

මේ සබරය ........













මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//

ගොඩ නොගලන සබරේ මුහුද තවම තියෙනවා
තනි ගස් පෙළ අප නැතුවත් තව දළුළනවා
ඒ කාලේ දැමු හිල්මන් යලි සිහිවෙනවා
ගත් ආතල් මදි කියලා දුකත් හිතෙනවා

මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//

ඔබ අත ගෙන ගිය සයිබෙ මැවිලා පේනවා
මැට්ට වටේ පැකල්ටි ටික තවම හැදෙනවා
අයිස් වලේ දැකපු වීදි යලි සිහිවෙනවා
මේ සබරය දාලා යන්න බැහැයි හිතෙනවා

මේ සබරය මා ඔබ මුන ගැසුන සබරයයි
මේ සබරය මා ඔබ වෙන් කෙරුණු සබරයයි...//


                   ( සබරේ අපි)

Jul 16, 2012

ඉතිං අවසරයි සමුගන්ට නුඹෙන් මට........











ඇගේ නෙතු බර වී
සිහිනයත් බොඳ වී
මුනිවත රකින විට
පැය කීපයක නිමේෂය
දැනුනී ආත්මීය දඩුවමක්
ගැහැනියකගේ දුක් අඬහැරය
ඇතිකලා හඳවතේ මළ ගම
   තෝරන්න ජීවිතය
   තෝරන්න ආදරය
   තෝරන්න ඇල්කොහොල්
තීරනය නොම දෙන්න දුක් තවත්
ඉතිං අවසරයි
සමුගන්ට නුඹෙන් මට
ඇල්කොහොල්

Jul 1, 2012

හැරි බැලීම........















ගත්තෙමි තීරණය
හැර යන්න ජීවිතය
හැර යන්න ආදරය
සැබවින්ම වැළපුනා ඇය
සිහිසුන්ව නෙතු බරව
ආඩම්භරයි මට
නැති වුනත් මනුබවය
මොර දී පැවසුවා ඇය
එන බවට සුර ලොවට
දින 7ක් ගෙවු විගස
අමතකයි සිදු වු දෙයම.........

Jun 12, 2012

යෞවනේ මත්වෙන්න.....













මල් යහනේ සැතපෙන්න
රස පහස විඳගන්න
ඉඟ නෙරීයේ දැවටෙන්න
පුළුලුකුලේ සැඟවෙන්න
තව තවත් ලංවෙයන්
කිටි කිටියේ ලංවෙයන්
රෝස තොල් සිපගන්න
ආදරේ කිමිදෙන්න
යෞවනේ මත්වෙන්න.....


May 24, 2012

රවලවත් යන්න.................













හිස මත මාහා ලොකු බරක්
හරියට ලෝකේම ඔළුව උඩ වගේ
මොන දේ කෑවත් බිවත්
 හරියට හෝන්තු මාන්තු වෙලා
කියන්ට බැරි පාලුවක්
හරියට ලෝකෙටම
ඉන්නේ මම විතරයි වගේ
ඔයාගේ එක වචනයක්
මුළු ලෝකේම හම්බුනා වගේ...................

May 8, 2012

out දැට්











තැලෙන පංදු කෙළිය ගැන
සීරු මරුවෙන් ඕවර් කඩුළු තුල
බලිය ගෙන මුව තඩිය
කකුල ගෙන අහසට
රටේ කොදු නාරටිය
තපී රූකඩ පෙට්ටියට එබී ගෙන