Jul 16, 2012

ඉතිං අවසරයි සමුගන්ට නුඹෙන් මට........











ඇගේ නෙතු බර වී
සිහිනයත් බොඳ වී
මුනිවත රකින විට
පැය කීපයක නිමේෂය
දැනුනී ආත්මීය දඩුවමක්
ගැහැනියකගේ දුක් අඬහැරය
ඇතිකලා හඳවතේ මළ ගම
   තෝරන්න ජීවිතය
   තෝරන්න ආදරය
   තෝරන්න ඇල්කොහොල්
තීරනය නොම දෙන්න දුක් තවත්
ඉතිං අවසරයි
සමුගන්ට නුඹෙන් මට
ඇල්කොහොල්

Jul 1, 2012

හැරි බැලීම........















ගත්තෙමි තීරණය
හැර යන්න ජීවිතය
හැර යන්න ආදරය
සැබවින්ම වැළපුනා ඇය
සිහිසුන්ව නෙතු බරව
ආඩම්භරයි මට
නැති වුනත් මනුබවය
මොර දී පැවසුවා ඇය
එන බවට සුර ලොවට
දින 7ක් ගෙවු විගස
අමතකයි සිදු වු දෙයම.........

Jun 12, 2012

යෞවනේ මත්වෙන්න.....













මල් යහනේ සැතපෙන්න
රස පහස විඳගන්න
ඉඟ නෙරීයේ දැවටෙන්න
පුළුලුකුලේ සැඟවෙන්න
තව තවත් ලංවෙයන්
කිටි කිටියේ ලංවෙයන්
රෝස තොල් සිපගන්න
ආදරේ කිමිදෙන්න
යෞවනේ මත්වෙන්න.....


May 24, 2012

රවලවත් යන්න.................













හිස මත මාහා ලොකු බරක්
හරියට ලෝකේම ඔළුව උඩ වගේ
මොන දේ කෑවත් බිවත්
 හරියට හෝන්තු මාන්තු වෙලා
කියන්ට බැරි පාලුවක්
හරියට ලෝකෙටම
ඉන්නේ මම විතරයි වගේ
ඔයාගේ එක වචනයක්
මුළු ලෝකේම හම්බුනා වගේ...................

May 8, 2012

out දැට්











තැලෙන පංදු කෙළිය ගැන
සීරු මරුවෙන් ඕවර් කඩුළු තුල
බලිය ගෙන මුව තඩිය
කකුල ගෙන අහසට
රටේ කොදු නාරටිය
තපී රූකඩ පෙට්ටියට එබී ගෙන

Feb 10, 2012

හා බෙටකත් හැට්









කාලෙකින් මොකුත් ලියන්න වෙලාවක් තිබුනෙත් නෑ.එක දිගටම exam, exam.ඔයාලට කියන්ට අපේ කාඩ් එකත් දැන් අලුත් කරලනේ.ඉස්සර අපිට කිව්වේ JVP කාරයෝ කියලනේ.දැන් LTT කරයෝනේ.කොදු ඇට ටික පන නැති වෙනකොට කියන කතා.

රටේ තත්වේ ඔහොම වෙද්දි, මම හිතුවා ඔපදුපයක් වත් ලිව්වොත් හොඳයි කියලා.මෙක උනේ අපේ කොල්ලෙක්ට.එක දවසක් අපි Hostel එකේ පොඩි Chat ඒකක්,රෑ දා ගෙන ඉන්නකොට,එහා පැත්තේ Hostel එකෙන් මල සද්දයක් එනවා.අපි හිතුවෙ මොකක් හරි හුටපටයක්වෙන්ට ඇති කියලා.අනික Mgt ඔන්ට ගහගන්ට කිව්වොත් අය ලොවෙත් නෑනේ.අපි හුටස් ගාලා පැන්න එහා Hostel එකට එකෙන්ම.මල හුට්ටප්පරයයිනේ අපේ මෙ සුසා,මිනිහා මහාසොනා දැකලා වගේ, වෙව්ලනවනේ.ඒ මදිවට මිනිහා බෙරිහන් දෙනවා.කට්ටිය තෙල් ගානවා.වතුර පොවනවා,විකාර ලෝකයයි.

ඔය වෙලාවෙ අපේ බුවා, මිනිහට ඕවා දිරවන්නෑනේ. මිනිහා පාරට පැනලා වීල් එකක් ඇරන් ආවා, සුසාව Hospitl අරන් යන්ට.හත්වලාමේ කියන්නේ සුසාව වීල් එකට දානකොට යකා නකන්ට ගත්තනේ අලියා.....අලියා කියලා.අපිට පට්ට අවුල් මේ බෙලිහුඔය කොහෙද අලි.මිනිහා Hospitl යවලා අපිත් ශේෆ් එකේ Hostel පැත්තට කැපුනා.

මාර සීන් එක කියන්නේ ආයුබෝවණ්ඩ,උදේ තමයි රෑ සීන් එක මිටර් උනේ.කැම්පස් ආවට කොහෙද? අපිත් ට්යුබ් ලයිට්නේ.අපේ සුසා, රෑ අලි,අලි කියලා බෙරිහන් දීලා තියෙන්නේ මිනිහා අලියෙක් බලලනේ. අලි බලනවා කියන්නේ හෙණ්ඩුවක් අරන් නෙවෙයි.මේ හා බෙට්ටක් කාලනේ.හා බෙට්ටක් කිව්වට හා බෙට්ටකුත් නෙවෙයි,ආයුබෝවණ්ඩ.

ඔය කතාවකුත් තියනවානේ දෙයියෝ දෙන කොට ටොකු ඇන ඇන දෙනව කියලා.අපේ සුසව පඹහින්නෙන් බලන්ගොඩ හොස්පිට්ල් එකට මාරු කරලා.මිනිහට බෙහෙත් කියලා හම්බවෙලා තියෙන්නෙත් පැනඩෝල් 2යි.දැන් මිනිහට සුසා කිව්වට කට්ට්ය දන්නෑ.දැන් ෆේමස් අලි හුරතල් කියල.ඕං බලන්ඩකෝ හා බෙට්ටෙත් හැට් නේද....?

Jan 2, 2012

කඩ ඉම අපේ.....











සයමාසික
අවසානය
කෙටි සටහන්
පොකුරු බැඳන්
තනි වෙන්නට
Library
නිදි මරන්න
රීඩිමේ
1st Class එකේ
සිහිනය හිස
මල් පිපෙන්න
ජීවිතේ
ලඟ ලඟ එයි
කඩ ඉම අපේ
සරසවි අපේ ජීවිතෙ..

Dec 27, 2011

ලංකාවේ ප්‍රථිඵල....









ගොනුකර කරුණු
කෙටි සටහන් පොකුරු
සැරසුණා අපිත්
තරණයකට කඩුළු
පොදිකන සිතුවිලි
යට කර අකුරු
නොනිදන නෙතේ
තුටු කදුළක් නැතිදෝ

සිහිනය සිතේ
සරසවියට ගොඩ වෙන්ට
ප්‍රථිඵල වුනේ
දුප්පත් අපි නැති වෙන්ට
රජ පුටු වලට
S 3 ඇති, බව ඇත්ත
දුප්පත් වුන්ට
කැඳවත් නැද්ද

ආශ්චර්යයට දුන්
ප්‍රථිඵල රටට
ආවා ජයට
එක පිට එක
කණ පිටට
ජිවිත එක්ක
කරණා සෙල්ලම ගජය
ලොක්කගෙ සිතුවිල්ල
Privet යුනිසිටිය

මැතිවරණයේ
ප්‍රථිඵල නම් අකුරටය
විභාගයේ
ප්‍රථිඵල නම් හකුරටය
වැරැද්ද වුනේ
Computer එකේමය
කවුරු හරිද
මේ ලංකාවේ හැටිය...