May 8, 2012
out දැට්
තැලෙන පංදු කෙළිය ගැන
සීරු මරුවෙන් ඕවර් කඩුළු තුල
බලිය ගෙන මුව තඩිය
කකුල ගෙන අහසට
රටේ කොදු නාරටිය
තපී රූකඩ පෙට්ටියට එබී ගෙන
Feb 10, 2012
හා බෙටකත් හැට්

කාලෙකින් මොකුත් ලියන්න වෙලාවක් තිබුනෙත් නෑ.එක දිගටම exam, exam.ඔයාලට කියන්ට අපේ කාඩ් එකත් දැන් අලුත් කරලනේ.ඉස්සර අපිට කිව්වේ JVP කාරයෝ කියලනේ.දැන් LTT කරයෝනේ.කොදු ඇට ටික පන නැති වෙනකොට කියන කතා.
රටේ තත්වේ ඔහොම වෙද්දි, මම හිතුවා ඔපදුපයක් වත් ලිව්වොත් හොඳයි කියලා.මෙක උනේ අපේ කොල්ලෙක්ට.එක දවසක් අපි Hostel එකේ පොඩි Chat ඒකක්,රෑ දා ගෙන ඉන්නකොට,එහා පැත්තේ Hostel එකෙන් මල සද්දයක් එනවා.අපි හිතුවෙ මොකක් හරි හුටපටයක්වෙන්ට ඇති කියලා.අනික Mgt ඔන්ට ගහගන්ට කිව්වොත් අය ලොවෙත් නෑනේ.අපි හුටස් ගාලා පැන්න එහා Hostel එකට එකෙන්ම.මල හුට්ටප්පරයයිනේ අපේ මෙ සුසා,මිනිහා මහාසොනා දැකලා වගේ, වෙව්ලනවනේ.ඒ මදිවට මිනිහා බෙරිහන් දෙනවා.කට්ටිය තෙල් ගානවා.වතුර පොවනවා,විකාර ලෝකයයි.
ඔය වෙලාවෙ අපේ බුවා, මිනිහට ඕවා දිරවන්නෑනේ. මිනිහා පාරට පැනලා වීල් එකක් ඇරන් ආවා, සුසාව Hospitl අරන් යන්ට.හත්වලාමේ කියන්නේ සුසාව වීල් එකට දානකොට යකා නකන්ට ගත්තනේ අලියා.....අලියා කියලා.අපිට පට්ට අවුල් මේ බෙලිහුඔය කොහෙද අලි.මිනිහා Hospitl යවලා අපිත් ශේෆ් එකේ Hostel පැත්තට කැපුනා.
මාර සීන් එක කියන්නේ ආයුබෝවණ්ඩ,උදේ තමයි රෑ සීන් එක මිටර් උනේ.කැම්පස් ආවට කොහෙද? අපිත් ට්යුබ් ලයිට්නේ.අපේ සුසා, රෑ අලි,අලි කියලා බෙරිහන් දීලා තියෙන්නේ මිනිහා අලියෙක් බලලනේ. අලි බලනවා කියන්නේ හෙණ්ඩුවක් අරන් නෙවෙයි.මේ හා බෙට්ටක් කාලනේ.හා බෙට්ටක් කිව්වට හා බෙට්ටකුත් නෙවෙයි,ආයුබෝවණ්ඩ.
ඔය කතාවකුත් තියනවානේ දෙයියෝ දෙන කොට ටොකු ඇන ඇන දෙනව කියලා.අපේ සුසව පඹහින්නෙන් බලන්ගොඩ හොස්පිට්ල් එකට මාරු කරලා.මිනිහට බෙහෙත් කියලා හම්බවෙලා තියෙන්නෙත් පැනඩෝල් 2යි.දැන් මිනිහට සුසා කිව්වට කට්ට්ය දන්නෑ.දැන් ෆේමස් අලි හුරතල් කියල.ඕං බලන්ඩකෝ හා බෙට්ටෙත් හැට් නේද....?

Jan 2, 2012
කඩ ඉම අපේ.....
Dec 27, 2011
ලංකාවේ ප්‍රථිඵල....

ගොනුකර කරුණු
කෙටි සටහන් පොකුරු
සැරසුණා අපිත්
තරණයකට කඩුළු
පොදිකන සිතුවිලි
යට කර අකුරු
නොනිදන නෙතේ
තුටු කදුළක් නැතිදෝ
සිහිනය සිතේ
සරසවියට ගොඩ වෙන්ට
ප්‍රථිඵල වුනේ
දුප්පත් අපි නැති වෙන්ට
රජ පුටු වලට
S 3 ඇති, බව ඇත්ත
දුප්පත් වුන්ට
කැඳවත් නැද්ද
ආශ්චර්යයට දුන්
ප්‍රථිඵල රටට
ආවා ජයට
එක පිට එක
කණ පිටට
ජිවිත එක්ක
කරණා සෙල්ලම ගජය
ලොක්කගෙ සිතුවිල්ල
Privet යුනිසිටිය
මැතිවරණයේ
ප්‍රථිඵල නම් අකුරටය
විභාගයේ
ප්‍රථිඵල නම් හකුරටය
වැරැද්ද වුනේ
Computer එකේමය
කවුරු හරිද
මේ ලංකාවේ හැටිය...
Nov 30, 2011
ගාල් කළ ජීවිත...

ගැබ්බරව දඟලන සිතුවිලි
සර සවිය තුල
ගාල් කර පතයි
රජ පුටු අමණ කැළ
පිපෙන්නට පොදි කන
කැකුළු හට
ඉනි වැටක් වෙයි
සර සවිය තුල
ගුරුසිත නොරිදවාලයි
අප සබරෙට ආවේ
තවමත් දණ වැටෙයි
විදු මවගේ නම මත්තේ
නිදහස අහිමී
සබරේ ස්මත්තේ
රොබෝවෙක්
වෙන එක ද ?
නුඹලගේ සැනසීම
ලොක්කේ
නිදහස,කළාව
මූනිච්චාවට
පමණ ද සර සවියේ
ගැබ්බර කළාවයි
නුඹ සබරේ වලළන්නේ
ගුණ සුවඳ
සුපිරි ජීවිතම ද
නැති විය යුත්තේ
අප ජීවිතත්
පුද දිය යුතුම ද
අළු අස්සේ............?
Nov 21, 2011
අම්මේ මට සමාවෙන්න.........

අම්මපා පොතක් අල්ලනවද....? නැටිල්ල නැටිල්ල..... බෝලෙයි බැට් එකයි හැම දාම carton , carton , ස්කෝලේ පංති වල වැඩක් හරියට කරනවාද? මෙහෙ එනවා.....
අද චක්කරේ පාඩම් වැරැද්දුවොත් මම හොඳ වැඩක් කරනවා. බලපන් අර සිරිපාලයාගේ කොල්ලා කන්ටත් හරියට තියෙනවද.? ස්කෝලේ ඇරිලා ආපුවාම එළුවෝ බලන්ටයි නංගිලා බලාගන්ටයි.බලපන් වු යස අගේට පාස්නේ.අන්න දරුවෝ...
අපේ එවුන්ට කාලා තෙල. ස්කෝලේ මහත්තයාගේ පොඩ් පුතා ඉහලින්ම පාස්නේ. දැන් ඉතිං ලොකු ස්කෝලේකට දායි. කෝ ඉතිං මං අවුරුදු 2ක් ශිෂ්‍යත්වේ පංති වලට බඩ ගෑවා. වැඩක් තියෙනවද? දැන් ශිෂ්‍යාධාරත් නෑ... මං ලොකු අක්කටත් කිව්වා අපේ එකා දක්ෂ්‍යා විභාගේ ඉහලින් පාස් වෙයි කියලා. අම්මපා මීට වැඩිය හොඳයි මූට පුන්නක්කු කන්ට දුන්නනම්, කාලකණ්ණි කියන දෙයක් තබේට අහන්නෑ...........
ස්කෝලේ අරිලා ආපුවාම හැම දාම මෙහෙම තමයි . අම්මගේ බර බරේ,
මං මොකක් කරත් අම්මට වැරැදි, අම්මට ඔනේ මව ලොකු දොස්තර මහතයෙක් කරන්ටලු . අපේ පංතියේ තිරිදුලාට, මලිත්ලට එහේම නෑ. සෙල්ලම් කරා කියලා බනින්නෙත් නෑ...
එතකොට පාඩම් කරන ටිකත් මතක හිටිනවා. අම්මා බනින කොට මම කරන්නේ බොරුවට පොත දිහා බලන් ඉන්න එක එතකොට අම්මට හරි සතුටුයි ඒ වුනාට ශිෂ්‍යත්වෙට ලකුණු අඩු වුනාම අම්මගේ වැරදි කාරයා මමද? අම්මේ..........?
Oct 11, 2011
කවුන්සිල්

සිසුන් අතර
එක සිසුවෙක්
අන් අයගේ
නියෝජිතයා
පිහිටුවා සංවිධාන
බිහිවේ
නායකයින්
රැස්වීම්,උද්ඝෝෂන වර්ජන,
ඇතමුන්ට
හිසරදයක්
කවුන්සිල් කරනවුන්ට
පිස්සු පිස්සු
තව පිරිසක් සිනා නගයි
භාරගත්තේ වගකීමකී
අනුන්ගේ
කුණු අදීමට
තැලී පොඩි වී
එපා වු කල කවුන්සිල්
බැන වදී අන් අයට
එපා වීමකි කවුන්සිල්
ගත්තේනම් වගකීමක්
කළ යුතුය
කවුන්සිල්
ඇයි අප විතරක්
සිතතී වගකීම ගත්තෝ
එලෙසම නොව
කල යුතුය අප
සැමට ඒත්තු ගන්නමු
වටිනකම කවුන්සිල්
එවිට ඉතිං
හැරයන්නන්
හැලී ගොසින්
ඉතිරී වේවි
දිරි ඇත්තෝ
ඔවුන් සමඟ
එක්ව එතිං
දිනමු දිනමු
හෙට වෙනුවෙන්.............
සඳවී (.com)
Oct 5, 2011
අලංකාරයි සංගක්කාර
Subscribe to:
Posts (Atom)