Feb 15, 2014

දින පොතෙන් පිටුවක්.......

අම්මෝ..... වෙලාව උදේ පාන්දරම 7.20 යි. මේ වෙද්දිත් phone එකේ alarm  එක දෙවතාවක් කෑගහලා ඉවරයි.තුන් වෙනි පාරට කෑගහද්දි ටිකක් දරුනුයි,මොකද alarm දෙකක් වදින්ට පටන් ගන්නවනේ.හ්ම්ම්ම්..., මේ වේලාවට එක ඇහැකින් ගිහින් මුනට වතුර ටිකක් ඉහ ගන්නවාටාත් වැඩිය අමාරු grama  ඇහැරවන එක.කොමත් grama නැගිටින්න 7.40 වත් වෙන්ට ඔනේ.ඒ උනාට පොරට නිදාගන්නනම් රෑ එකවත් පනින්ට ඕනේ. අපරාදේ කියන්ට බැ ඒ වෙලාවත් උදේට අල්ලනවා. අපි එතිං.... 8 පහුවෙලා ගියාට lunch එකෙන් අල්ලනවා වැඩ ටික හොඳේ, මාර වැඩේ කියන්නේ වෙලා යන දවසට අපිට sign කරන්ට අමතක වෙනවනේ.අනිත් දවසේ ආපුවම තමයි මතක් වෙන්නේ sign කරලා නෑ කියලා.ඔය සෙල්ලම කරන කොට, ටික ටික රතු එළිය වැටෙන්ට ගන්නවා වගේ දැනුනා.අටෙන් පස්සේ sign කරන්ට පොත නෑ.දවස් දෙකක් රතු ඉර වැදිලා.අනිත් දවසෙ leave කියලා දාලා,ඕකනෙ කියනේ ගෙදර ඉන්නව වගේ නෑනේ.uni ඉද්දි නම් දහය වෙනකන් hostel එකේ  නිදා ගත්තා. හිතුනොත් තමයි උදේ කෑමත් නැත්නම් 11.30 වෙනකොටම  canteen දුවලා වේල් දෙකම ශේෆ් කර ගන්නවා.මොනා කරන්නද දැන් එතිං.. හෙ
ටවත් කලින් නැගිටිනවා.....

3 comments:

Anonymous said...

blog kiyvann ape syndi enna http://lankablogs.com/

මම ඩුමාංජරිය said...

අනේ මලේ මාර කම්මැලි බන් වැඩට යන්න....

සිතුවිලි පවුර.. said...

හ්ම් හ්ම් නැගිට්ටොත් නම් වැඩට යනවා.අපිට වැඩ පටන් ගන්න වෙලාව තව පැයක් පස්සට දැම්මනන් හරි, මේ වෙලාවට තමයි ජේ.ර් මහත්තයා හිටියනම් කියලා හිතෙන්නේ...